WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

වැලිකඩ බන්ධනාගාරයේ මරණ සිද්ධියට නියාමකවරු තුන්දෙනෙක් අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
May 5, 2026 · 1 min read
251 viewsf𝕏W
වැලිකඩ බන්ධනාගාරයේ මරණ සිද්ධියට නියාමකවරු තුන්දෙනෙක් අත්අඩංගුවට
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් නියාමකවරුන් තිදෙනෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම රැඳවියා මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව බන්ධනාගාරයේ රඳවා සිටි අතර, පසුගිය තුන්වන දින පවිත්‍ර කිරීමේ කටයුතු අතරතුර පලා යාමට උත්සාහ කර තිබුණි. පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු නැවත අල්ලාගෙන භාරයට ගෙන ඇත.
එයට පසුව රැඳවියා හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව සඳහන් වේ.
කෙසේවෙතත්, මියගිය රැඳවියාගේ ඥාතීන් චෝදනා කරන්නේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුට පහරදීමක් සිදුකර ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසන්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බොරැල්ල පොලිසිය විසින් සිදුකරමින් පවතින බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඩුබායි - සාජා ගුවන් ගමන් සියල්ල නවතයි
Next
ගණේමුල්ල සංජීව ඝාතනයට ‘දෙමටගොඩ චමින්ද’ගෙන් ප්‍රකාශයට අවසර

More in Breaking News