WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ගණේමුල්ල සංජීව ඝාතනයට ‘දෙමටගොඩ චමින්ද’ගෙන් ප්‍රකාශයට අවසර

I
Ishanka Jayasuriya
May 5, 2026 · 1 min read
263 viewsf𝕏W
ගණේමුල්ල සංජීව ඝාතනයට ‘දෙමටගොඩ චමින්ද’ගෙන් ප්‍රකාශයට අවසර
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවදුරටත් ශක්තිමත් කරමින්, වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු වන චමින්ද රවී ජයනාත් නොහොත් “දෙමටගොඩ චමින්ද”ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (05) අවසර ලබා දී ඇත.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
ඒ අනුව, අදාළ ඝාතන සිද්ධියට සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා ‘දෙමටගොඩ චමින්ද’ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයට හැකි වනු ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
වැලිකඩ බන්ධනාගාරයේ මරණ සිද්ධියට නියාමකවරු තුන්දෙනෙක් අත්අඩංගුවට
Next
කපිල චන්ද්‍රසේන ඇප මත මුදාහැරේ

More in Breaking News