WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කපිල චන්ද්‍රසේන ඇප මත මුදාහැරේ

I
Ishanka Jayasuriya
May 5, 2026 · 1 min read
250 viewsf𝕏W
කපිල චන්ද්‍රසේන ඇප මත මුදාහැරේ
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අතර, පෙර දින ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙම තීරණය ගෙන ඇත.
නඩුවේ වර්තමාන තත්ත්වය සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සැකකරු ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඒ අනුව රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ලක්ෂ 100 බැඟින් වූ ශරීර ඇප 3ක් මත ඔහු මුදා හැරීමට නියම කර ඇති අතර, විදේශ ගමන් තහනම් කරමින් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීමට ද නියෝග කර ඇත.
විමර්ශන ප්‍රගතිය පිළිබඳව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූ අතර, ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය පියංකර ජයරත්න සහ විලී ගමගේ යන අය අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇති බව ද සඳහන් විය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව ජූලි 14 දින යළි කැඳවීමට නියම කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ගණේමුල්ල සංජීව ඝාතනයට ‘දෙමටගොඩ චමින්ද’ගෙන් ප්‍රකාශයට අවසර
Next
ජොන්ස්ටන් ප්‍රනාන්දු නඩුවේ සාක්ෂිකරුට අධිකරණ වරෙන්තු

More in Breaking News