WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ජොන්ස්ටන් ප්‍රනාන්දු නඩුවේ සාක්ෂිකරුට අධිකරණ වරෙන්තු

I
Ishanka Jayasuriya
May 5, 2026 · 1 min read
248 viewsf𝕏W
ජොන්ස්ටන් ප්‍රනාන්දු නඩුවේ සාක්ෂිකරුට අධිකරණ වරෙන්තු
කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවතින නඩුවක සාක්ෂිකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබේ.
අදාළ නඩුව අද (05) දින කැඳවූ අවස්ථාවේදී, එහි දොළොස්වන සාක්ෂිකරු සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී සිට නොමැති බව අනාවරණය වී ඇත.
එම හේතුව මත, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් අදාළ සාක්ෂිකරු අත්අඩංගුවට ගැනීමට නියෝග කරමින් වරෙන්තු නිකුත් කර ඇත.
මෙම නඩුව හිටපු වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයින් නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යොදවා දූෂණය සිදුකළ බවට වන චෝදනා මත ගොනු කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කපිල චන්ද්‍රසේන ඇප මත මුදාහැරේ
Next
ඉරාන විදේශ ඇමති චීනයට

More in Breaking News