WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඉරාන විදේශ ඇමති චීනයට

I
Ishanka Jayasuriya
May 6, 2026 · 1 min read
229 viewsf𝕏W
ඉරාන විදේශ ඇමති චීනයට
මැදපෙරදිග කලාපයේ උණුසුම් යුද්ධ තත්ත්වයන් සහ විශේෂයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වටා ඇති ආරක්ෂක අවදානම් මධ්‍යයේ, ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි අද (06) චීනයේ බීජිං නගරයට පැමිණ තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙම සංචාරයේදී ඔහු චීන විදේශ කටයුතු අමාත්‍ය Wang Yi සමඟ හමුවී දෙරට අතර සබඳතා, කලාපීය ආරක්ෂාව සහ ගෝලීය උපායමාර්ගික ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ලෝක තෙල් සැපයුම් මාර්ගයන්ට බලපෑම් එල්ල විය හැකි සංවේදී කාලසීමාවක මෙම සංචාරය සිදුවීම හේතුවෙන්, ජාත්‍යන්තර අවධානය බීජිං වෙත යොමුවී ඇත.
එමෙන්ම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් කල් දමා තිබූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් මෙම මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති පසුබිමක මෙම සංචාරය සිදුවීම ද විශේෂත්වයකි.
මෙම තත්ත්වයන් මධ්‍යයේ, බීජිං නගරය මේ වනවිට ගෝලීය රාජතාන්ත්‍රික ක්‍රියාකාරකම් සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ද අවධානය දිනාගෙන සිටී.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ජොන්ස්ටන් ප්‍රනාන්දු නඩුවේ සාක්ෂිකරුට අධිකරණ වරෙන්තු
Next
විදුලි ගාස්තු ගැන මහජන අදහස් අද

More in World