WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කුමාර ජයකොඩිට එරෙහි නඩුව ජුනි 17ට විභාගයට

I
Ishanka Jayasuriya
May 6, 2026 · 1 min read
151 viewsf𝕏W
කුමාර ජයකොඩිට එරෙහි නඩුව ජුනි 17ට විභාගයට
2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුවක් පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ලෙස ප්‍රසම්පාදන කටයුතු සිදු කර රජයට රුපියල් 8,859,708ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි නඩුවේ විභාගය ජුනි 17 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල හමුවේ කැඳවනු ලැබූ අතර, එහිදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්විණි.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, නඩුවට අදාල සියලු ලේඛන සති දෙකක් ඇතුළත විත්ති පාර්ශවයට ලබාදෙන ලෙස පැමිණිල්ලට නියෝග කළේය.
එමෙන්ම, ජුනි 17 දින නඩු විභාගය ආරම්භ කිරීමට දින නියම කරමින්, එදිනට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටීමට සිතාසි නිකුත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විරෝධී කොමිසම විසින් අල්ලස් හෝ දුෂණ විරෝධී පනතේ 70 වැනි වගන්තිය යටතේ ‘දුෂණය’ නමැති වරද සිදු කළ බවටද
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
විදුලි ගාස්තු ගැන මහජන අදහස් අද
Next
ශ්‍රී ලංකා–පාකිස්තාන ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට අවධානය

More in Breaking News