WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ශ්‍රී ලංකා–පාකිස්තාන ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට අවධානය

I
Ishanka Jayasuriya
May 6, 2026 · 1 min read
177 viewsf𝕏W
ශ්‍රී ලංකා–පාකිස්තාන ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට අවධානය
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් විශේෂ හමුවක් පැවැත්විණි.
ඒ අනුව, පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මේජර් ජෙනරාල් නයියර් නසීර් සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර මෙම හමුව ඊයේ (05) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණි.
එහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවේ සිය රාජ්‍යතාන්ත්‍රික සේවා කාලය ආරම්භ කිරීම වෙනුවෙන් මහ කොමසාරිස්වරයා වෙත සුබ පැතුම් එක් කර ඇත.
මෙම සාකච්ඡාවේදී දෙරටටම වැදගත් වන කරුණු රැසක් සලකා බැලූ අතර, ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම, පුහුණු වැඩසටහන් වර්ධනය කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත.
එමෙන්ම, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතාව පිළිබඳව මහ කොමසාරිස්වරයා සිය ප්‍රසාදය පළ කර ඇති අතර, ඉදිරියටත් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සමීපව කටයුතු කිරීමට කැමැත්ත පළ කළ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කුමාර ජයකොඩිට එරෙහි නඩුව ජුනි 17ට විභාගයට
Next
විද්‍යා ඝාතන නඩුවේ සිව්දෙනෙකුගේ මරණ දඬුවම තහවුරුයි

More in Breaking News