WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

විද්‍යා ඝාතන නඩුවේ සිව්දෙනෙකුගේ මරණ දඬුවම තහවුරුයි

I
Ishanka Jayasuriya
May 6, 2026 · 1 min read
149 viewsf𝕏W
 විද්‍යා ඝාතන නඩුවේ සිව්දෙනෙකුගේ මරණ දඬුවම තහවුරුයි
යාපනයේ සිවලෝගනාදන් විද්‍යා ඝාතන නඩුවට අදාළව මරණීය දණ්ඩනයට ලක්ව සිටි විත්තිකරුවන් සිව්දෙනෙකුගේ දඬුවම අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කළේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දී ඇති අතර, එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා ප්‍රතික්ෂේප කර තිබේ.
එමෙන්ම, මෙම නඩුවට අදාළ තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පනවා තිබූ දඬුවම් ඉවත් කිරීමට ද අධිකරණය නියෝග කළේය.
2015 මැයි 13 වැනිදාට ආසන්න කාලයක යාපනය පුන්කුඩුතීවූ ප්‍රදේශයේදී පාසල් ශිෂ්‍යාවක වූ 18 හැවිරිදි සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර මරා දැමීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2017 වසරේදී යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුවන් හත් දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කර තිබූ අතර, ඒට එරෙහිව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත්, එම අභියාචනා විභාගය පැවැත්වෙන අතරතුර එක් විත්තිකරුවකු මිය ගොස් ඇති බව ද වාර්තා වේ.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී, මරණීය දණ්ඩනය නියමව සිටි විත්තිකරුවන් තිදෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශ්‍රී ලංකා–පාකිස්තාන ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට අවධානය
Next
කොටස් වෙළදපොළ ඉහළට

More in Breaking News