වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ.
බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම මෙහෙයුමේදී සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් මත්ද්‍රව්‍යවල මුළු බර කිලෝග්‍රෑම් 2කට ආසන්න බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි




