හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තම නෞකාවලට ආරක්ෂිත ගමනාගමනය සඳහා අවසර හිමිවන බව, පිලිපීන රජය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ
මෙය පිලිපීන රජය සඳහා විශේෂ ජයග්‍රහණයක් වන අතර, කලාපයේ නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්වීමේ වැදගත් සලකුණක් ලෙස සැලකෙයි. පිලිපීන රජය, අවශ්‍ය බොරතෙල් සැපයුම් බාධාවකින් තොරව ලබා ගැනීමට, ඉරානයෙන් “සතුරු නොවන රාජ්‍යයක්” ලෙස නම් කිරීමේ ඉල්ලීමක් කර තිබුණා.
දෙරට අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම එකඟතාවයට පැමිණ තිබේ. විදේශ අමාත්‍ය තෙරේසා ලාසාරෝ මහතා ප්‍රකාශ කළේ, ඉරානය සමඟ පැවැත්වූ සාකච්ඡා ඉතා සාර්ථක සහ සුබවාදී බවයි.
ඉරාන රජය, පිලිපීන ධජය සහිත නෞකා සහ නාවික කාර්ය මණ්ඩලය සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ ආරක්ෂිත, බාධාවකින් තොර සහ කඩිනම් ගමනාගමනය තහවුරු කරන බව පොරොන්දු වී ඇත.




