WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඊශ්‍රායල් හමුදාවට රොකට් ප්‍රහාරයක්

I
Ishanka Jayasuriya
April 21, 2026 · 1 min read
280 viewsf𝕏W
ඊශ්‍රායල් හමුදාවට රොකට් ප්‍රහාරයක්
දකුණු ලෙබනනයේ රැඳී සිටින තම හමුදා සාමාජිකයන් ඉලක්ක කරමින් හිස්බුල්ලා සංවිධානය රොකට් ප්‍රහාර කිහිපයක් සිදු කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි.
ඊශ්‍රායල හමුදා නිකුත් කළ නිවේදනයක් අනුව, ප්‍රහාර සිදු වූ ස්ථාන හඳුනාගෙන ඒවාට වහාම ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ බව සඳහන් වේ.
එමෙන්ම, මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
පසුගිය සතියේ ඇති කරගත් සටන් විරාම ගිවිසුමෙන් පසු වාර්තා වූ බරපතළම සිදුවීමක් ලෙස මෙය සැලකෙන අතර, එම හේතුවෙන් දේශසීමා ආශ්‍රිතව නැවතත් උද්ගත වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සටන් විරාමය දිගු කළ නොහැකි බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
Next
ඇමෙරිකා–ඉරාන සාකච්ඡා බිඳ වැටීමේ අවදානමක්

More in World