WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

සටන් විරාමය දිගු කළ නොහැකි බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

I
Ishanka Jayasuriya
April 21, 2026 · 1 min read
204 viewsf𝕏W
සටන් විරාමය දිගු කළ නොහැකි බව ඩොනල්ඩ් ට්‍රම්ප්  කියයි


දැනට ක්‍රියාත්මක සති දෙකක සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට නොහැකි බව ඩොනල්ඩ් ට්‍රම්ප්  ප්‍රකාශ කර තිබේ. “අපට එතරම් දිගු කාලයක් නොමැත” යනුවෙන් ඔහු අවධාරණය කළේ, කඩිනමින් එකඟතාවයකට නොපැමිණිහොත් ඉරානය වෙත යළි ප්‍රහාර ආරම්භ කරන බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඉදිරියේදී බෝම්බ ප්‍රහාර සිදුවිය හැකි බවත්, ඒ සඳහා අමෙරිකානු හමුදාව සූදානමින් සිටින බවත්ය.
ඉරානය සමඟ පවතින උණුසුම් තත්ත්වය සමථයකට පත් කර ගැනීම සඳහා නව ගිවිසුමකට පැමිණීමට ලබා දී ඇති කාලය සීමිත බවත්, රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට වඩා හමුදාමය ක්‍රියාමාර්ගයකට වැඩි අවධානය යොමුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සාම පා ගමන හෙට දඹුල්ලෙන් ආරම්භ වෙයි
Next
ඊශ්‍රායල් හමුදාවට රොකට් ප්‍රහාරයක්

More in World