WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සාම පා ගමන හෙට දඹුල්ලෙන් ආරම්භ වෙයි

I
Ishanka Jayasuriya
April 21, 2026 · 1 min read
238 viewsf𝕏W
සාම පා  ගමන  හෙට දඹුල්ලෙන්  ආරම්භ වෙයි
' walk for peace' සාම පා ගමන  අප්‍රේල් 22 වනදා දඹුල්ලෙන් ආරම්භ වේ.  මෙම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, යක්කල සහ කැලණිය හරහා ගමන් කර අප්‍රේල් 28 වනදා නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතය.
මෙම පාගමනට ලොව පුරා ජනප්‍රිය ‘ආලෝකා’ නම් සුනඛයා ද එක්ව සිටින අතර, පාගමන අවසානයේ බෝධි අංකුරය ජනාධිපතිවරයා අතින් මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිතය.
ඊට අනතුරුව, ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ගංගාරාම විහාරය වෙත පෙරහැරකින් වැඩම කරවන අතර, එහිදී ‘We are the Design’ වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මෙම සාම පාගමන රජයේ සහ පෞද්ගලික ආයතන රැසක පූර්ණ සහාය යටතේ සංවිධානය කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රාජ්‍ය වෙසක් උත්සවය මැයි 27 වෙනිදා සිට
Next
සටන් විරාමය දිගු කළ නොහැකි බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

More in Breaking News