2026 වසරේ රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, ශ්‍රී සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මැයි 27 සිට ජූනි 02 දක්වා කාලය වෙසක් සතිය ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩලය මාර්තු 30 දින තීරණය කර තිබුණි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ ප්‍රදේශයේ මිදෙල්ලව පුරාණ විහාරස්ථානය හිදී පැවැත්වීමට නියමිතය.
සමස්ත
ලංකා ශාසනාකරක්ෂක මණ්ඩලය මග පෙන්වීම යටතේ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක සහාය ඇතිව වෙසක් සතියට සමගාමීව දිවයිනේ සියලු විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන ආධ්‍යාත්මික සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දෙන අර්ථවත් සහ ඵලදායි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.




