ආබාධ සහිත සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ප්‍රමුඛතාවය ලබාදීමේ අරමුණින් පත්ල පහත් බස් රථ සේවාව අද (21) බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුරෙන් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන Clean Sri Lanka යටතේ ක්‍රියාත්මක වෙයි.
රෝද පුටු භාවිත කරන මගීන්, දෘෂ්‍යාබාධිතයින් සහ ගැබිණි මව්වරුන්ට පහසුවෙන් ගොඩවිය හැකි ලෙස නිර්මාණය කර ඇති විශේෂ බස් රථ 10ක් ආරම්භක වශයෙන් සේවයට එක් කර ඇත. එක් බස් රථයක ආසන 30ක් පවතින අතර, රෝද පුටු භාවිතාකරුවන් සඳහා විශේෂ ස්ථානද වෙන් කර තිබේ.
මාකුඹුර සිට කොළඹ කොටුව හා කඩවත දක්වා නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම සේවාව ක්‍රියාත්මක වන අතර, කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් මෙම මාර්ග මඟින් සම්බන්ධ වේ.
මෙම වසර අවසන්වීමට පෙර මෙවැනි බස් රථ 122ක් සේවයට එක් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරියේදී මහනුවර, මඩකලපුව, මාතර සහ යාපනය වැනි ප්‍රදේශවලටද මෙම සේවාව පුළුල් කිරීමට නියමිතය.




