මිලානෝ නගරය මෙම වසරේදී වසන්තයේ සුවඳින් හා ශ්‍රී ලාංකීය සංස්කෘතික වර්ණයෙන් පිරී යන විශේෂ උත්සවයකට සූදානම් වේ. “මිලානෝ වසන්ත මංගල්‍යය” නමින් පැවැත්වෙන මෙම දැවැන්ත සැණකෙළිය, ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අවුරුදු සතුට නැවතත් අත්විඳීමට සුවිශේෂී අවස්ථාවක් ලබාදෙයි.
මෙම උත්සවය අප්‍රේල් 25 වන සෙනසුරාදා උදෑසන සිට
VIA DELLE FROZE ARMATE 170, 20152 MILAN, ITALY යන ස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
මෙය සංවිධානය කරනු ලබන්නේ Lighthouse විසිනි. ශ්‍රී ලාංකීය අවුරුදු චාරිත්‍ර, සංස්කෘතිකාංග සහ ජන ක්‍රීඩා රැසක් එකට එක් කරමින් පරම්පරා ගණනාවක් එකම වේදිකාවක එක්කරන උත්සවයක් ලෙස මෙය සැලසුම් කර ඇත.
මෙහිදී පැවැත්වෙන ජනප්‍රිය අවුරුදු ක්‍රීඩා අතර කඹ ඇදීම, ටොෆි ඇහිඳීම, බැලුම් පිපිරවීම, බනිස් කෑම තරඟය, කාසිය සෙවීම, අලියාට ඇස තැබීම, හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යෑම, සංගීත තොප්පිය, සංගීත පුටු තරඟය, යෝගට් කැවීම, ඉඳිකටුවට නූල දැමීම, කනාමුට්ටි බිඳීම, සැඟවුණු අමුත්තා තේරීම, ගෝනි රේස්, කොට්ටා පොරය සහ පැණි බඹරේ වැනි සෙල්ලම් විශේෂයෙන් ඉස්මතු වේ.
මෙම උත්සවයේ විශේෂ අංගයක් ලෙස “Light House අවුරුදු කුමරා සහ කුමරිය තේරීම” ද පැවැත්වේ. එය තරුණ දක්ෂතා ඉස්මතු කරන්නත්, සංස්කෘතික අගයන් සුරැකෙන්නත් විශේෂ අවස්ථාවක් වේ.
මිලානෝ වසන්ත මංගල්‍යය යනු සරල උත්සවයක් නොව, ශ්‍රී ලාංකීය සංස්කෘතිය, එකමුතුකම සහ සතුට ඉතාලිය තුළ නැවත ජීවමාන කරන මහා සංස්කෘතික සැණකෙළියකි.
මෙම උත්සවයට මුළු පරම්පරාවම එකට එක්වී සහභාගී වී, අවුරුදු සතුට, මිත්‍රත්වය සහ සංස්කෘතික උරුමය සමගින් අමරණීය මතකයන් ගොඩනගා ගැනීමට සියලු දෙනාටම ආරාධනා කර ඇත.




