සාම පාගමනට සහභාගී වීමට මෙරටට පැමිණි ‘ආලෝකා’ නම් සුනඛයාගේ සෞඛ්‍ය හා ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සඳහන් කරයි.
ඒ අනුව ‘ආලෝකා’ වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වන ගිලන්රථ සේවාවක්, අවශ්‍ය ඖෂධ සහ විශේෂ වෛද්‍ය කණ්ඩායම් සූදානම් කර ඇති බව එම සංගමය පවසයි.
එමෙන්ම හදිසි අවස්ථා සඳහා කැපවූ කාර්ය මණ්ඩලයක්ද සූදානම් කර ඇති අතර, ලෝක පුරා පිළිගත් සාමයේ සුරතලෙකු ලෙස සැලකෙන ‘ආලෝකා’ගේ ආරක්ෂාව ඉහළම මට්ටමින් සපයන බවද වැඩිදුරටත් අවධාරණය කර තිබේ.




