ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සිට රුසියාවේ මොස්කව් බලා පිටත්ව ගොස් ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
ටෙහෙරානය සහ වොෂින්ටනය අතර නැවත සාකච්ඡා ආරම්භ කිරීමට මැදිහත්කරුවන් උත්සාහ දරමින් සිටියද, ඒ පිළිබඳ මෙතෙක් නිල තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
පසුගිය ඉරිදා පාකිස්ථානයේ සිට ඕමානයේ මස්කට් නුවර වෙත ගිය අමාත්‍යවරයා, සඳුදා යළි ඉස්ලාමාබාද් වෙත පැමිණ රුසියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඉරානය සහ අමෙරිකාව අතර සෘජු සාකච්ඡා නැවත ආරම්භ වන ලකුණු මෙතෙක් නොපෙනුනද, පාකිස්ථානය හරහා අමෙරිකාව වෙත ලිඛිත පණිවිඩ කිහිපයක් යවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එම පණිවිඩවල පරමාණුක කරුණු සහ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානයේ ස්ථාවරය ඇතුළත් වුවද, ඒවා නිල සාකච්ඡා ක්‍රියාවලියක කොටසක් නොවන බවද වාර්තා වේ.
මේ අතර අමෙරිකානු ජනාධිපති Donald Trump පසුගිය සතියේ ප්‍රකාශ කළේ අප්‍රේල් 7 දින එකඟ වූ සටන් විරාමය තවත් කාලයකට දීර්ඝ කරන බවයි.




