මැයි 16 වැනිදා සිට ඉතාලියේ මොනෝවීල් සහ විදුලි බයිසිකල් භාවිතය සඳහා නව නීතිරීති ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව සියලුම මොනෝවීල් සහ විදුලි බයිසිකල් සඳහා හෙල්මට් පැළඳීම, රක්ෂණ ආවරණ ලබාගැනීම, අංක තහඩු සවි කිරීම සහ ලියාපදිංචිය අනිවාර්ය වේ.
ප්‍රවාහන අමාත්‍ය මතෙව් සල්විනී මහතා ෆෝජ්ජියාහිදී සඳහන් කළේ, මෙම නීති ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හඳුන්වා දෙන බවයි.
පළමු අංක තහඩු කාණ්ඩය දින 20ක් ඇතුළත සියලුම භාවිතාකරුවන්ට ලබාදීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.
නව අංක තහඩුව අකුරු තුනක්, ඉලක්කම් තුනක් සහ ඉතාලි රාජ්‍ය ලාංජනය ඇතුළත් වන අතර, එය ප්ලාස්ටික් ද්‍රව්‍යයෙන් නිෂ්පාදනය කෙරේ. එම තහඩු නැවත වෙනස් කිරීමට හෝ අලුත් කිරීමට නොහැකි බවද සඳහන් වේ.
වසරකට ආසන්න වශයෙන් මරණ 100ක් පමණ මෙම අනතුරු හේතුවෙන් වාර්තා වන බැවින්, හිස්වැසුම අනිවාර්ය කිරීම අවශ්‍ය බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය




