WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සාම පා ගමනේ අවසාන දිනය අදයි

I
Ishanka Jayasuriya
April 28, 2026 · 1 min read
225 viewsf𝕏W
සාම පා ගමනේ  අවසාන දිනය අදයි
“ඒහි පස්සිකෝ” ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අද (28) ලෙස සැලකෙයි.
අද දහවල් 12ට කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන පාගමන නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.
එහිදී පස්වරු 4ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වෙන අතර, පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු නියෝජිත පිරිසට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළයක් නිල වශයෙන් භාරදීමට ද සැලසුම් කර ඇත.
ඉන් අනතුරුව පස්වරු 5.30ට නිදහස් චතුරස්‍රයෙන් යළි ආරම්භ වන පාගමන කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමෙන් නිමාවට පත්වේ.
පසුගිය 22 වැනිදා දඹුල්ලෙන් ආරම්භ වූ මෙම ජාත්‍යන්තර සාම පාගමන, ඊයේ යක්කල සිට කැලණිය රජමහා විහාරස්ථානය දක්වා ගමන් කර තිබුණි.
මේ අතර අද කොළඹ නගරයේ මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
බණ්ඩාරනායක වටරවුම සිට බේස්ලයින් මාර්ගය හරහා බොරැල්ල හංදිය දක්වාත්, ගංගාරාම විහාරස්ථානය අවට මාර්ගවලත් උදෑසන 11 සිට අවස්ථානුකූලව වාහන ගමනාගමනය සීමා කෙරේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අලි-මිනිස් ගැටුම ගැන වාර්තාවක් කැඳවයි
Next
මැයි 16 සිට ඉතාලියේ මොනෝවීල් හා විදුලි බයිසිකල්වලට නව නීති

More in Breaking News