දකුණු ලෙබනනයේ Batouliyeh නගරයේ පිහිටි ජල සැපයුම් මධ්‍යස්ථානයකට ඊශ්‍රායල හමුදා ප්‍රහාරයක් එල්ල කර ඇති බව ලෙබනන ජාතික පුවත් ඒජන්සිය සඳහන් කරයි.
එම මධ්‍යස්ථානයෙන් නගරයේ ඉතිරිව සිටින ජනතාව ජල අවශ්‍යතා සපුරා ගනිමින් සිටි බැවින්, මෙම ප්‍රහාරයෙන් ප්‍රදේශයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
ඒ සමඟම අල්-බයාද් ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතනයක්ද ඊශ්‍රායල හමුදා විසින් පුපුරුවා හැර ඇති බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය තුළ දකුණු ලෙබනනයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරමින් මෙවැනි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවද සඳහන්ය.




