WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ධවල මන්දිරයේදී Artemis II ගගනගාමීන් ට්‍රම්ප් හමුවෙයි

I
Ishanka Jayasuriya
April 30, 2026 · 1 min read
213 viewsf𝕏W
ධවල මන්දිරයේදී Artemis II ගගනගාමීන් ට්‍රම්ප් හමුවෙයි
පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේදී සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පිරිස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී තිබේ.
මෙම අවස්ථාවට නාසා ආයතනයේ රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ජෙරමි හැන්සන් යන ගගනගාමීන් නිල් පැහැති ජැකට් ඇඳ එක්ව සිටියහ.
ඔවුන්ගේ හැකියාවන් අගය කළ ජනාධිපති ට්‍රම්ප්, මෙවැනි පිරිසක් රටේ ගෞරවය ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කර ඇත.
මෙම හමුවේදී හඳුනා නොගත් පියාඹන වස්තූන්, අභ්‍යවකාශ බලකාය සහ ඉරානය සම්බන්ධ යුද තත්ත්වය ඇතුළු කරුණු පිළිබඳවද සාකච්ඡා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තම පාලන සමයේ තවත් අයෙකු සඳ මත ඇවිදීමට අවස්ථාවක් ඇති බවත්, හඳුනා නොගත් පියාඹන වස්තූන් සම්බන්ධ රහස් තොරතුරු ප්‍රසිද්ධ කිරීමට අපේක්ෂා කරන බවත් ට්‍රම්ප් සඳහන් කර තිබේ.
නාසා පරිපාලක ජැරඩ් අයිසැක්මන් පවසා ඇත්තේ, 2027දී Artemis III මෙහෙයුම ආරම්භ කිරීමටත්, 2028දී නැවතත් මිනිසෙකු සඳ මතට යැවීමටත් සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම නාසා මූලස්ථානය වොෂින්ටන් ඩී.සී.හිම පවත්වාගෙන යාමටද ජනාධිපතිවරයා අනුමැතිය ලබා දී තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සරණ ගුණවර්ධන නඩු තීන්දුව මැයි 26 දාට කල්දමයි
Next
ලෙබනනයේ ජල මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

More in World