WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සරණ ගුණවර්ධන නඩු තීන්දුව මැයි 26 දාට කල්දමයි

I
Ishanka Jayasuriya
April 30, 2026 · 1 min read
217 viewsf𝕏W
සරණ ගුණවර්ධන නඩු තීන්දුව මැයි 26 දාට කල්දමයි
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වැනිදා දක්වා කල්දැමීමට කොළඹ මහාධිකරණය අද (30) නියෝග කළේය.
මෙම නඩුවල තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා එය පසුව ප්‍රකාශයට පත් කරන බව දැනුම් දී ඇත.
2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරය දරමින් සිටියදී, එම ආයතනයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට අලාභයක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩු ගොනු කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කම්කරු දිනයට හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Next
ධවල මන්දිරයේදී Artemis II ගගනගාමීන් ට්‍රම්ප් හමුවෙයි

More in Breaking News