WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඉරාන සාම යෝජනාවට ට්‍රම්ප්ගෙන් අකමැත්ත

I
Ishanka Jayasuriya
May 3, 2026 · 1 min read
249 viewsf𝕏W
 ඉරාන සාම යෝජනාවට ට්‍රම්ප්ගෙන් අකමැත්ත
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමත් සමඟ ලෝක තෙල් හා ගෑස් සැපයුමේ සියයට 20ක පමණ බාධාවක් ඇතිව තිබෙන අතර, අමෙරිකාවේ ඉන්ධන මිලද ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එම තත්ත්වය නොවැම්බර් මාසයේ පැවැත්වෙන කොංග්‍රස් අතුරු මැතිවරණයට පෙර ට්‍රම්ප් පරිපාලනයට දේශපාලන පීඩනයක් බවද සඳහන් වේ.
මෙවැනි පසුබිමක් මධ්‍යයේ ඉරානය විසින් ඉදිරිපත් කළ නව සාම යෝජනාව පිළිගැනීමේ ඉඩකඩ ඉතා අඩු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. එම යෝජනාවේ වගන්ති තවමත් සම්පූර්ණයෙන් සමාලෝචනය කර නොමැති නමුත්, එය පිළිගත හැකි යෝජනාවක් නොවන බව ඔහුගේ අදහසයි.
ට්‍රම්ප් පෙන්වා දෙන්නේ, පසුගිය වසර 47 තුළ ලෝකයට හා මානව වර්ගයාට සිදුකළ හානි වෙනුවෙන් ඉරානය ප්‍රමාණවත් වන්දියක් ගෙවා නොමැති බවයි.
මාස දෙකකට පෙර ආරම්භ වූ යුද්ධය අවසන් කිරීමට උත්සාහ කරන අතරතුර, අවශ්‍ය වුවහොත් ගුවන් ප්‍රහාර යළි ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳවද ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර තිබේ.
සති හතරකට පෙර අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාර නතර කළද, ගැටුම අවසන් කිරීමට අවශ්‍ය එකඟතාවයක් තවමත් ඇති වී නොමැත.
ඉරානය යෝජනා කර ඇත්තේ පළමුව හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමත්, අමෙරිකානු සම්බාධක ඉවත් කිරීමත්ය. න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පසුවට කල් තැබීමටද ඔවුන් බලාපොරොත්තු වන බව සඳහන් වේ.
එහෙත් අධි-සමෘද්ධිමත් යුරේනියම් තොග ඉවත් කරන තෙක් යුද්ධය අවසන් නොකරන බව වොෂින්ටනය අවධාරණය කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්
Next
අල්ලස් චෝදනාවට ලාන්ස් කෝප්‍රල් රිමාන්ඩ්

More in World