WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අල්ලස් චෝදනාවට ලාන්ස් කෝප්‍රල් රිමාන්ඩ්

I
Ishanka Jayasuriya
May 3, 2026 · 1 min read
221 viewsf𝕏W
 අල්ලස් චෝදනාවට  ලාන්ස් කෝප්‍රල් රිමාන්ඩ්
අල්ලස් මුදල් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අනුරාධපුර පණ්ඩුලගම යුද හමුදා කඳවුරේ සේවය කරන ලාන්ස් කෝප්‍රල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ සජිත් සමීර දිසානායක නැමති හමුදා නිලධාරියාය. ඔහු පසුගිය 30 වනදා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
අල්ලස් කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ, යුද හමුදාවෙන් විශ්‍රාම ලබා සිටින පුද්ගලයෙකුගේ විශ්‍රාම ණය මුදල් පියවීමට සහාය ලබා දෙන බව පවසා මෙම වංචාව සිදුකර ඇති බවය.
පැමිණිලිකරුගේ ණය තොරතුරු ලබාගෙන ඇති සැකකරු, රුපියල් ලක්ෂ 25ක ආධාර මුදලක් ලබාදෙන බව දන්වා ඇත.
එම ආධාරය ලබා ගැනීමට පෙර ගෙවිය යුතු මුදල් ලෙස පවසා අවස්ථා තුනකදී රුපියල් 129,600ක මුදලක් බැංකු ගිණුමකට බැර කරවාගෙන තිබේ.
ඊට අමතරව ලේඛන ගාස්තු ලෙස තවත් රුපියල් 13,457ක මුදලක්ද අල්ලස් ලෙස ඉල්ලා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉරාන සාම යෝජනාවට ට්‍රම්ප්ගෙන් අකමැත්ත
Next
හයිටි සාම සාධක සේවයට ශ්‍රී ලංකාවෙන් 1000ක් ළඟදීම

More in Breaking News