WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

හයිටි සාම සාධක සේවයට ශ්‍රී ලංකාවෙන් 1000ක් ළඟදීම

I
Ishanka Jayasuriya
May 3, 2026 · 1 min read
208 viewsf𝕏W
හයිටි සාම සාධක සේවයට ශ්‍රී ලංකාවෙන් 1000ක් ළඟදීම
ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා පවසන්නේ, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලීසියේ සාමාජිකයින් 750 සිට 1000 දක්වා පිරිසක් එක් කිරීමට අවස්ථාව ලැබී ඇති බවයි.
හයිටි රාජ්‍යයේ සාම සාධක සේවය සඳහා මෙම පිරිස යොමු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා මේ වනවිට පැවැත්වෙමින් ඇති අතර, ඉදිරි මාස දෙක තුන ඇතුළත එම කටයුතු අවසන් කිරීමට හැකි වනු ඇති බවද ඔහු සඳහන් කළා.
මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම කාලයක් තිස්සේ බලවත් පුද්ගලයන්ගේ ආශිර්වාදය මත රට තුළ ක්‍රියාත්මක වූ නමුත්, දැන් එවැනි තත්ත්වයන්ට ඉඩ නොදෙන බවයි. පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ විශේෂයෙන් නාවික හමුදාව ඒ සඳහා සක්‍රීය මෙහෙයුම් සිදුකරමින් සිටින බවද ඔහු කියා සිටියා.
තවද, සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අඛණ්ඩව අත්අඩංගුවට ගනිමින් සිටින අතර, විදේශ රටවලට පලා ගිය පිරිස්ද නැවත රටට ගෙන්වා නීතිය හමුවට පමුණුවන බවද සඳහන් කළා.
ආරක්ෂක අංශවල පවතින සාමාජික හිඟය අවම කිරීමට උපායමාර්ගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත්, තමන් කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට අදහස් නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් පැතිරෙන තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අල්ලස් චෝදනාවට ලාන්ස් කෝප්‍රල් රිමාන්ඩ්
Next
පාර්ලිමේන්තු සිදුවීම් ගැන පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ අවධානය

More in Breaking News