පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ සේවය තහනම් කිරීම සහ නිළධාරීනියන්ට හිරිහැර කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය යොමු කළ ලිපිය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ විශේෂ අවධානය යොමුව තිබේ.
ඒ අනුව, අදාළ සිදුවීම් සමීපව නිරීක්ෂණය කරන බව එම සංගමයේ ලේකම් ස්ටීවන් ටුවිග්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ වෙත දන්වා ඇත.
එමෙන්ම ලිපියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් කතානායකවරයාගේද අවධානය යොමුකරවන බව තමාට දැනුම් දී ඇති බව ප්‍රේමසිරි මානගේ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේය.




