සමාජ මාධ්‍ය තුළ වෙසක් පොහොය දිනය සම්බන්ධයෙන් පැතිර යන විවිධ අදහස් හේතුවෙන්, මේ වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය මැයි 30 වනදාට යෙදවීම පිළිබඳ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව, ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිවරයා වෙත කළ ඉල්ලීමක් මත මෙම තීරණය ගෙන ඇත.
වෙසක් පුන් පොහොය දින විසා නැකත යෙදිය යුතු බව මහා නායක ස්වාමීන් වහන්සේලා පෙන්වා දී ඇති අතර, මේ පිළිබඳව ජනවාරි 06 වනදා පැවති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමේදීද සාකච්ඡා කර තිබේ.
ඒ අනුව, වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මැයි 30 වනදා ලෙස සැලකිය යුතු බවත්, වෙසක් සතිය මැයි 27 සිට ජුනි 02 දක්වා ප්‍රකාශයට පත් කළ යුතු බවත් යෝජනා වී ඇති බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.




