ඉරාන වෙරළට ඔබ්බෙන් පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට කුඩා යාත්‍රා කිහිපයක් මගින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කළේ, මෙම සිදුවීම ඉරානයේ සිරික් වරායට නාවික සැතපුම් 11ක් බටහිරින් වාර්තා වූ බවයි.
ප්‍රහාරයට ලක්වූ නෞකාව ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරන Minoan Falcon නෞකාව විය හැකි බවට සැක පළ වේ. සිදුවීමෙන් අනතුරුව එහි ට්‍රාන්ස්පොන්ඩරයද ක්‍රියා විරහිත කර තිබේ.
වාණිජ නෞකා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අවස්ථාවලදී කුඩා වේගවත් යාත්‍රා භාවිතයෙන් පහරදීමේ උපක්‍රමයක් ඉරානය භාවිත කරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.




