WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking News

ගාල්ලේ හෙරොයින් ජාවාරමේ නියුතුවු මිනුම්දෝරු සහායකයෙක් අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
April 4, 2026 · 1 min read
325 viewsf𝕏W
ගාල්ලේ හෙරොයින් ජාවාරමේ නියුතුවු මිනුම්දෝරු සහායකයෙක් අත්අඩංගුවට
විදේශ ගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන් කොල්ලාගේ ප්‍රධානම මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු, ඇල්පිටිය පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැලිවිටිය, දිවිතුර, අගලිය සහ බද්දේගම ප්‍රදේශවල පදිංචිව සිටි අතර, මිනුම්දෝරු දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි සිදු කරන බව පොලීසිය සඳහන් කරයි. සැකකරුවාගේ සන්තකයෙන් හෙරොයින් ග්‍රෑම් 62ක් හෙළි කරගෙන ඇත.
පොලිසිය සඳහන් කළේ, සැකකරු ගාල්ල ප්‍රදේශයේ මිනුම්දෝරු සහායකයෙකු ලෙස සේවය කරමින්, ජාවාරම් සිදුකළ බවත්, තණබද්දෙගම ආදාහනාගාරය අසලදී අත්අඩංගුවට ගෙන ඇති බවත් ය.
අත්අඩංගුවට ගත් සැකකරු අද ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, දින හතක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබාදී ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
පංජාබ් කණ්ඩායමට දඩ
Next
1990 ගිලන් රථ සේවාවේ නව කාර්යාලය විවෘත කරයි නිව්ස් අර්ථ දැක්වීම

More in Breaking News