WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ප්‍රේමලාල් ජයසේකර ඇප මත නිදහස්

I
Ishanka Jayasuriya
April 22, 2026 · 1 min read
246 viewsf𝕏W
ප්‍රේමලාල් ජයසේකර ඇප මත නිදහස්
ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි චෝදනා ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රු.25,000 මුදල් ඇපයක් සහ රු.ලක්ෂ 10 ශරීර ඇපයක් යටතේ මුදාහැර ඇත.
නඩුව සැප්තැම්බර් 14 දිනට කල් තැබූ අතර, ගිනි අවිය අධිකරණ භාරයේ තබා ඇති අතර විදේශ ගමන් බලපත්‍රයද භාර දීමට නියෝග කර ඇත.
ඊයේ (21) නුවරඑළියේදී දෙපාර්ශවයක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්, සැකකරු පිස්තෝලයක් පෙන්වා තර්ජනය කළ බවට චෝදනා එල්ල වී තිබේ. ඒ අනුව 1996 ගිනිඅවි ආඥා පනත යටතේ සාපරාධී බිය ගැන්වීම සහ මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් කරුණු අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සැකකරු වෙනුවෙන් නීතිඥවරු වරදක් සිදු නොකළ බව පවසමින් ඇප ඉල්ලා තිබූ අතර, විමර්ශන අවසන් නොවීම හේතුවෙන් ඇපයට විරුද්ධ බව පොලීසිය සඳහන් කර ඇත.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැවසුවේ, පැමිණිලිකරු හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු වුවහොත් ඇප අවලංගු කරන බවයි. එමෙන්ම අදාළ ගිනි අවියට නිකුත් කළ බලපත්‍රය නීත්‍යානුකූල බවටද පොලීසිය තහවුරු කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සුරේෂ් සලේ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට
Next
පාස්කු ප්‍රහාර නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නව කමිටුවක්

More in Breaking News