ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ, අදාළ අමාත්‍යාංශ හා ආයතන නියෝජිතයන් සහ ජාතික ආරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගෙන් සමන්විත නව කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම යෝජනාව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට 2021 මැයි 17 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණද, ඒවා ක්‍රියාත්මක වීම අධීක්ෂණය කිරීමට නිසි ක්‍රමවේදයක් මෙතෙක් ස්ථාපිත වී නොමැති බව සඳහන් වේ.
ඒ හේතුවෙන්, එම නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහ එහි ප්‍රගතිය විධිමත්ව ඇගයීමට හැකි වන පරිදි සංවිධානාත්මක හා ස්ථාවර ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම නව කමිටුව පත් කිරීමට තීරණය කර ඇත.




