WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

බහාලුම් සිද්ධියට අදාළව ජනාධිපති ඇතුළු ප්‍රධානීන් කමිටුවට කැදවීමට ඉල්ලීමක්

I
Ishanka Jayasuriya
April 22, 2026 · 1 min read
226 viewsf𝕏W
බහාලුම් සිද්ධියට අදාළව ජනාධිපති ඇතුළු ප්‍රධානීන් කමිටුවට කැදවීමට ඉල්ලීමක්
කොළඹ වරායෙන් බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බවට ඇති සිද්ධිය සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට ප්‍රධාන සාක්ෂිකරුවන් කැඳවීමට විපක්ෂ මන්ත්‍රීවරුන් යෝජනා කර තිබේ.
එම යෝජනාව අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එම කාලයේ වරාය අමාත්‍යවරයා වූ බිමල් රත්නායක මහතා කමිටුව හමුවට කැඳවිය යුතු බව විපක්ෂය පවසයි.
එමෙන්ම, එවකට නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්ක මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාද සාක්ෂි සඳහා කැඳවීමට ඉල්ලා ඇත.
අජිත් පී පෙරේරා, දයාසිරි ජයසේකර, මුජීබ් රහුමාන් සහ ඩී.වී. චානක යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් ලිපියක් කමිටු සභාපති හර්ෂණ නානායක්කාර මහතා වෙත යොමු කර තිබේ.
මෙම කාරක සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් තීරණයක් එහිදී ගනු ඇතැයි වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
පාස්කු ප්‍රහාර නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නව කමිටුවක්
Next
කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු

More in Breaking News