WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු

I
Ishanka Jayasuriya
April 22, 2026 · 1 min read
232 viewsf𝕏W
 කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සම්බන්ධ එයාර් බස් ගනුදෙනු විමර්ශනයට අදාළ නඩුවේදී ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලි විජේනායක මහත්මියට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය
එමෙන්ම, නඩුවේ තවත් සැකකරුවෙකු වන ශමින්ද්‍ර රාජපක්ෂ සම්බන්ධයෙන් රතු නිවේදනය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මහේස්ත්‍රාත්වරයා විමසීම් කර ඇත. ඔහු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙහෙයවන මෙම නඩුව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවද අධිකරණයට දැනුම් දී තිබේ.
නඩුව මැයි 20 දින නැවත කැඳවීමට නියම කර ඇති අතර, සැකකරු එදින විවෘත අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
බහාලුම් සිද්ධියට අදාළව ජනාධිපති ඇතුළු ප්‍රධානීන් කමිටුවට කැදවීමට ඉල්ලීමක්
Next
මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 අතුරුදහන් බවට චෝදනා

More in Breaking News