WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 අතුරුදහන් බවට චෝදනා

I
Ishanka Jayasuriya
April 22, 2026 · 1 min read
234 viewsf𝕏W
මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 අතුරුදහන් බවට චෝදනා
මහා භාණ්ඩාගාර අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වී ඇති බවට පැනනගින චෝදනාව සම්බන්ධයෙන් තවමත් සවිස්තර තොරතුරු නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මෙම සිද්ධිය පිළිබඳව මුදල් අමාත්‍යාංශය ඉදිරියේදී පැහැදිලි කිරීමක් නිකුත් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කර ඇත.
සිද්ධිය හේතුවෙන් භාණ්ඩාගාර නිලධාරීන් කිහිපදෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන්ද මාධ්‍ය විසින් ප්‍රශ්න කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
මේ අතර, සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කථානායකවරයාට ලිපියක් යොමු කර තිබේ.
ණය ගෙවීම් සම්බන්ධ ගනුදෙනුවකදී මෙම අරමුදල් නියමිත ගමනාන්තයට නොගිය බවටද වාර්තා වන අතර, විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු
Next
ආගමන හා විගමන පාලක ජනරාල් ධුරයට චමින්ද පතිරාජ පත්කෙරේ

More in Breaking News