WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ආගමන හා විගමන පාලක ජනරාල් ධුරයට චමින්ද පතිරාජ පත්කෙරේ

I
Ishanka Jayasuriya
April 22, 2026 · 1 min read
220 viewsf𝕏W
ආගමන හා විගමන පාලක ජනරාල් ධුරයට චමින්ද පතිරාජ පත්කෙරේ
ආගමන හා විගමන පාලක ජනරාල් ධුරය සඳහා ඉරාජ් චමින්ද පතිරාජ මහතා පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඔහු, 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම ධුරයේ පූර්ණ කාලීන වැඩබැලීම සඳහා පත් කිරීමටද පෙර අනුමැතිය ලබාගෙන තිබුණි.
ඒ අනුව, ඔහු ස්ථිර පදනමින් ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස පත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 අතුරුදහන් බවට චෝදනා
Next
සුරේෂ් සලේට එරෙහි නඩුව මැයි 20 දක්වා කල්යයි

More in Breaking News