WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සුරේෂ් සලේට එරෙහි නඩුව මැයි 20 දක්වා කල්යයි

I
Ishanka Jayasuriya
April 22, 2026 · 1 min read
224 viewsf𝕏W
සුරේෂ් සලේට එරෙහි නඩුව මැයි 20 දක්වා කල්යයි
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුකෙරෙන විමර්ශන අතරතුර අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති රැඳවුම් නියෝගය තවදුරටත් බලපැවැත්වීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (22) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණයට දැනුම්දුන්නේ, සුරේෂ් සලේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට සූදානම් බවයි.
ඒ පිළිබඳව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, නීතිමය ක්‍රියා පටිපාටිය අනුව එවැනි ඉල්ලීමක් කරන සැකකරුවෙකුට සාධාරණ කාලයක් ලබාදීමට හැකි බවයි.
එම අනුව, ප්‍රකාශයක් කිරීමට අවසන් තීරණයක් ගන්නා දක්වා සැකකරුට මාසයක කාලයක් ලබාදී ඇති අතර, ඔහුගේ තීරණය මැයි 20 වැනිදා අධිකරණයට දැනුම්දෙන ලෙස නියෝග කර තිබේ. එදින ඔහු විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමටද උපදෙස් ලබාදී ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ආගමන හා විගමන පාලක ජනරාල් ධුරයට චමින්ද පතිරාජ පත්කෙරේ
Next
2026 පාසල් නිල ඇඳුම් සම්පූර්ණ සැපයුම චීනයෙන්

More in Breaking News