WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

2026 පාසල් නිල ඇඳුම් සම්පූර්ණ සැපයුම චීනයෙන්

I
Ishanka Jayasuriya
April 22, 2026 · 2 min read
225 viewsf𝕏W
2026 පාසල් නිල ඇඳුම් සම්පූර්ණ සැපයුම චීනයෙන්
2026 වසර සඳහා අවශ්‍ය සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස සම්පූර්ණයෙන් ලබාදී අවසන් කළ බවට සහතිකපත් හුවමාරුව 2026 අප්‍රේල් 22 දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සමඟ එක්ව සහතිකපත් හුවමාරුව සිදු කෙරිණි.
2026 වසරට අදාළව රජයේ හා රජයේ අනුමත පාසල්වල සිසුන්ට, පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් සහ ගිහි සිසුන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි මීටර් මිලියන 11.484ක් මෙම ප්‍රදානය යටතේ ලබාදී ඇති අතර, එමඟින් සිසුන් මිලියන 4.4කට අධික පිරිසක් ප්‍රතිලාභ ලබති.
අවස්ථාවට අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මෙම ප්‍රදානය ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දැඩි මිත්‍රත්වය සහ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරන සංකේතයක් බවයි. එමෙන්ම පාසල් නිල ඇඳුම දරුවන් අතර සමානාත්මතාවය හා ගෞරවය වර්ධනය කරන වැදගත් අංගයක් වන අතර, මෙවැනි වැඩසටහන් මගින් අධ්‍යාපනයට සාධාරණ ප්‍රවේශයක් සැලසෙන බවද ඇය පැවසුවාය.
තවද, මෙම ක්‍රියාවලිය කාලසීමාව තුළ කිසිදු ප්‍රමාදයකින් තොරව සාර්ථකව ඉටු කිරීම සඳහා දායක වූ චීන තානාපති කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට ස්තූතිය පළ කළාය.
මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති Qi Zhenhong මහතා පෙන්වා දුන්නේ, පාසල් නිල ඇඳුම් ලබාදීමේ මෙම වැඩසටහන වසර 4ක පමණ කාලයක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය හා ශිෂ්‍යත්ව ලබාදීම වැනි ක්ෂේත්‍රයන් හරහාද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සහය ලබාදෙන බවයි. එය දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබිඹු කරන කරුණක් බවද ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව ඇතුළු
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සුරේෂ් සලේට එරෙහි නඩුව මැයි 20 දක්වා කල්යයි
Next
ඇමෙරිකා නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

More in Breaking News