WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

බද්දේගම කොස්තාපල් ඝාතනයට වසර 18කට පසු තීන්දුව

I
Ishanka Jayasuriya
April 23, 2026 · 1 min read
207 viewsf𝕏W
බද්දේගම කොස්තාපල් ඝාතනයට වසර 18කට පසු තීන්දුව
බද්දේගම පොලිස් කොස්තාපල්වරයකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 18ක් පුරා පැවති නඩු විභාගයට අදාල තීන්දුවක් නිකුත් කරමින් බලපිටිය මහාධිකරණය විසින් එක් විත්තිකරුවකුට මරණ දඬුවම නියම කර තිබේ.
“කළුතර චූටි” ලෙස හඳුන්වන මෙරෙන්චි කන්කානම්ගේ පසද් මනෝරංජන් නම් සිව්වැනි විත්තිකරුට මෙම දඬුවම නියම කර ඇති අතර, අනෙකුත් විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කර ඇත.
මෙම නඩුව සම්බන්ධව පවතින්නේ බද්දේගම පොලිසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල් දිලිප් කුමාරසිංහ රාජකාරියේ යෙදී සිටියදී වෙඩි තබා ඝාතනය කිරීමයි.
අධිකරණයේ අනාවරණය වූ කරුණු අනුව, 2008 නොවැම්බර් 30 දින හෝ එයට ආසන්න කාලයකදී බද්දේගම කමින්ගල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුර මෙම වෙඩි ප්‍රහාරය සිදුව ඇත.
එම සිද්ධියේදී කොස්තාපල්වරයාට මාරාන්තික තුවාල සිදුවූ අතර, ඒ අනුව බද්දේගම පොලිසිය විසින් සැකකරුවන් හතරදෙනෙකුට එරෙහිව නඩු පැවරී තිබුණි.
මෙම නඩු විභාගය දිගු කාලයක් පුරා පැවති අතර, අද නිකුත් කළ තීන්දුවත් සමඟ එය අවසන් වී ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හෝමූස් සන්ධිය විවෘත කළ නොහැකි බව ඉරානය කියයි
Next
සාම පාද යාත්‍රාවේ දෙවැනි දිනය අදයි

More in Breaking News