ඒහිපස්සිකෝ” නමින් සංවිධානය කර ඇති සාම පාගමනේ දෙවන දිනය අදයි (23) මාතලේ අලුවිහාරයේ සිට මහනුවර දළදා මාළිගාව දක්වා සාම පාද යාත්‍රාව සිදුකිරීමට නියමිතව තිබේ . මෙම පාගමන අප්‍රේල් 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට නියමිතය.
පසුගිය ඔක්තෝබර් මාසයේදී භික්ෂූන් වහන්සේ 200කට අධික පිරිසක් එක්ව අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටන් දක්වා ප්‍රාන්ත 10ක් හරහා දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනක නිරතවූ අතර, එම වැඩසටහන ලෝක අවධානය දිනාගත් අවස්ථාවක් විය.
එම අත්දැකීම මත පදනම්ව “ඒහිපස්සිකෝ” නමින් මෙම සාම පාගමන ශ්‍රී ලංකාවේදීද සංවිධානය කර තිබේ.
වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේගේ නායකත්වයෙන් යුත් භික්ෂූන් වහන්සේ මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර, “ආලෝකා” නම් සුනඛයෙකුද මෙම පාගමනට එක්ව සිටින බව වාර්තා වේ.




