සාම පාගමනට බාධා නොකරමින් භික්ෂූන් වහන්සේලාට සාමකාමීව වැඩමවීමට අවස්ථාව ලබාදෙන ලෙසත්, මාර්ග තදබදය අවම කරගැනීමට සහය වන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
පොලිස් වාර්තා අනුව, දඹුල්ලෙන් ආරම්භ වූ පාගමන සමඟ ගමන් කළ “ආලෝකා” නම් සුනඛයා මාර්ගයේ ඇති වූ අධික තදබදය සහ බාධා කිරීම් හේතුවෙන් අසනීප වී ප්‍රතිකාර ලබාගෙන තිබේ.
පාගමනට එක්ව සිටින භික්ෂූන් වහන්සේලා සමඟ ඡායාරූප, දර්ශන සහ ස්වයං ඡායාරූප ලබාගැනීමට උත්සාහ කළ විශාල ජනකායක්, මාධ්‍ය කණ්ඩායම් සහ නරඹන්නන් හේතුවෙන් ගමනට ප්‍රමාද සහ අසීරුතා ඇතිවූ බවද වාර්තා වේ.
මෙම තත්ත්වය පාලනය කිරීමට බලධාරීන් මැදිහත් වී ඇති අතර, ජනාධිපති ලේකම්වරයා සහ පොලිස්පතිවරයාද මේ සම්බන්ධයෙන් සෘජුව මැදිහත් වී තිබේ.




