WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් නඩුව මැයි 29ට කල් යයි

I
Ishanka Jayasuriya
April 23, 2026 · 1 min read
262 viewsf𝕏W
නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් නඩුව මැයි 29ට කල් යයි
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට  එරෙහිව ගොනු කර ඇති නඩුව මැයි මස 29 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවනු ලැබූ අතර, කරුණු සලකා බැලීමෙන් අනතුරුව නව දින නියම කර තිබේ.
මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ නාමයෙන් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මාර්ග තදබදයෙන් “ආලෝකා” අසනීප වෙයි
Next
පාස්කු විමර්ශනවලට අසාත් මවුලානාගෙන් ප්‍රකාශ ලබාගැනීමට සූදානම්

More in Breaking News