WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

පාස්කු විමර්ශනවලට අසාත් මවුලානාගෙන් ප්‍රකාශ ලබාගැනීමට සූදානම්

I
Ishanka Jayasuriya
April 23, 2026 · 1 min read
224 viewsf𝕏W
පාස්කු විමර්ශනවලට අසාත් මවුලානාගෙන් ප්‍රකාශ ලබාගැනීමට සූදානම්
පාස්කු ප්‍රහාර විමර්ශනවලට අදාළව, පිල්ලෙයාන්ගේ හිටපු ලේකම්වරයකු වන අසාත් මවුලානාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමේ ක්‍රියාමාර්ග පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) අවධානය යොමු කළේය.
පසුගිය නඩු දිනයේදී අදාළ පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබූ බවත්, ඒ සඳහා ගත් පියවරයන්ගේ ප්‍රගතිය කෙසේදැයි මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබාදුන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, අසාත් මවුලානා මේ වන විට ප්‍රංශයේ පදිංචිව සිටින බවයි.
ඔහු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත කැඳවා, සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් දැනුම් දුන්නේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් නඩුව මැයි 29ට කල් යයි
Next
විජිත හේරත් හා ඉරාන විදේශ ඇමති අතර දුරකථන සාකච්ඡාවක්

More in Breaking News