ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව පෙන්වා දෙන ඉරාන එවැනි තත්ත්වයක් යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට නොහැකි බව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාව විසින් ඉරාන වරායන් අවහිර කිරීම ගෝලීය ආර්ථිකයට බලපාන ක්‍රියාවක් බවත්, එය ලෝක ආර්ථිකය බරපතළ තත්ත්වයකට පත් කිරීමක් බවත් ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා සඳහන් කර ඇත.
එහෙත්, Masoud Pezeshkian ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය සාම සාකච්ඡා සඳහා තවමත් සූදානම් බවයි. කෙසේ වෙතත්, කැපවීම් කඩකිරීම්, අවහිර කිරීම් සහ තර්ජන පවතින තත්ත්වයකදී සාර්ථක සාකච්ඡාවක් සිදුකිරීමට බාධා ඇතිවන බවද ඔහු පෙන්වා දී ඇත.
මෙම පසුබිම අතර, ඉරානය සමඟ නව සාම සාකච්ඡා වටයක් ඉදිරි පැය 36 සිට 72 දක්වා කාලය තුළ ආරම්භ විය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.
New York Post වාර්තා කරන පරිදි, පකිස්ථාන මැදිහත් වී සිදුකරන සාම සාකච්ඡා ධනාත්මක දිශාවකට ගමන් කරමින් ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ එය සිදුවීමට ඉඩ ඇති බවයි.
ඊයේ (22) අවසන් වීමට තිබූ සටන් විරාමය ද පාකිස්තානයේ ඉල්ලීමක් අනුව තවදුරටත් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.




