WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

දිනුෂ චතුරංග මැයි 5 දක්වා රිමාන්ඩ් භාරයට

I
Ishanka Jayasuriya
April 23, 2026 · 1 min read
265 viewsf𝕏W
දිනුෂ චතුරංග මැයි 5 දක්වා රිමාන්ඩ් භාරයට
ඉන්දියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටි දිනුෂ චතුරංග නමැත්තා මැයි 5 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර ඇත.
සැකකරු කෙසෙල්වත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.
පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ සැකකරු සම්බන්ධයෙන් නිකුත් කර තිබූ රැඳවුම් නියෝග අවසන් වී ඇති බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීමට අවසර ලබාදෙන ලෙසයි.
ඒ අනුව කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු මැයි 5 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් ප්‍රකාශයට පත් කෙරේ
Next
නව වාහන අංක තහඩු මැයි අග සිට

More in Breaking News