නව වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මේ වසරේ මැයි මස අවසානයට ආසන්න කාලයේ ආරම්භ කිරීමට හැකිවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී ඇත.
එමෙන්ම වාහන හිමිකරුගේ නම ඇතුළත් කරමින් ලියාපදිංචි අංක තහඩු ලබාදීමේ නව ක්‍රමවේදයක් ද කඩිනමින් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
කාරක සභාවේදී අදහස් දැක්වූ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ, කලින් පළාත් අනුව අංක තහඩු හඳුනාගැනීම සිදු කළද පසුව එය ඉවත් කළ බවයි.
ඒ පිළිබඳව පැහැදිලි කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ප්‍රියන්තා දිසානායක පැවසුවේ, යුද්ධ සමයේ ආරක්ෂක අවශ්‍යතා හේතුවෙන් Frequency ID ක්‍රමයක් භාවිතා කළද, එය කියවීමට අවශ්‍ය උපකරණ නොමැති වීම නිසා පසුව එම ක්‍රමය ඉවත් කළ බවයි.
තවද නව තාක්ෂණික යාවත්කාලීන කටයුතු අවසන් වූ පසු, වාහන අංක තහඩුවලට හිමිකරුගේ නම ඇතුළත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.




