WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

වෙසක්–පොසොන් දන්සැල් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත්වෙයි

I
Ishanka Jayasuriya
April 23, 2026 · 1 min read
275 viewsf𝕏W
වෙසක්–පොසොන් දන්සැල් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත්වෙයි
එළඹෙන වෙසක් හා පොසොන් පොහොය සමය ඉලක්ක කරගෙන දිවයින පුරා සංවිධානය වන දන්සැල් සඳහා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
මෙම මාර්ගෝපදේශ අනුව, සියලු දන්සැල් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇත. එහිදී දන්සැල පැවැත්වෙන ස්ථානය, සංවිධායකයාගේ නම, ලිපිනය සහ දුරකථන අංකය ඇතුළු මූලික තොරතුරු ලබාදිය යුතුය.
දන්සැල් සංවිධායකයින් සෞඛ්‍යාරක්ෂිත ලෙස කටයුතු කිරීම පිළිබඳව නිසි ලෙස දැනුවත් කළ යුතු බවද සඳහන් වේ. තවද, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන පරීක්ෂාවලදී 2011 ආහාර ස්වස්ථතා රෙගුලාසි වලට අනුකූලව ක්‍රියාත්මක වීම අනිවාර්ය වේ.
දන්සැල ආරම්භ කිරීමට පෙරත් අවසන් වීමෙන් පසුත් ස්ථානය පරීක්ෂා කර, සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය සහ පරිසරයට හානි නොවන බව තහවුරු කිරීමද අවශ්‍ය බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එමෙන්ම, මුළු ක්‍රියාවලිය තුළම කසළ කළමනාකරණය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු අතර, හැකි අවස්ථාවලදී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ජලය භාවිතා කිරීමට ප්‍රමුඛත්වය දිය යුතුය. එය නොහැකි වුවහොත් ආරක්ෂිත ජල මූලාශ්‍ර භාවිතා කළ යුතු බවද උපදෙස් දී ඇත.
ආහාර භුක්ති විඳීමට පැමිණෙන ජනතාව සඳහා අත් සේදීමේ පහසුකම් සහ සැනිටයිසර් ලබාදීමද අනිවාර්ය වන අතර, ආහාර පිළියෙල කිරීමෙන් පසු පරිභෝජනය දක්වා කාලය පැය 4කට අඩු විය යුතු බවද මාර්ගෝපදේශවල වැඩිදුරටත් සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
චීනය පේටන්ට් බලපත්‍ර මිලියන 5 ඉක්මවයි
Next
ඊශ්‍රායල–ලෙබනන් සටන් විරාමය සති 3කින් දීර්ඝයි

More in Breaking News