WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

චීනය පේටන්ට් බලපත්‍ර මිලියන 5 ඉක්මවයි

I
Ishanka Jayasuriya
April 23, 2026 · 1 min read
265 viewsf𝕏W
චීනය පේටන්ට් බලපත්‍ර මිලියන 5 ඉක්මවයි
ලොව නව නිපැයුම් සඳහා නිකුත් කරන නිල පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා ඇති පළමු රට ලෙස චීනය ඉතිහාසගත වාර්තාවක් පිහිටුවා තිබේ.
2025 වසර තුළ පමණක් චීනයේ අනුමත කළ නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව 972,000 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් ලෝකයේ ප්‍රමුඛ ස්ථානයට එරට පැමිණ ඇත.
මෙම තොරතුරු අද (23) පැවති චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාල මාධ්‍ය හමුවකදී, චීන ජාතික බුද්ධිමය දේපළ පරිපාලන බලධාරීන් විසින් හෙළි කරනු ලැබීය.
ඉදිරි කාලයේ කර්මාන්ත සංවර්ධනයට අදාළ ක්ෂේත්‍රවල—ක්වොන්ටම් තාක්ෂණය, ජෛව නිෂ්පාදන, මිනිස් මොළය හා සම්බන්ධ පරිගණක අතුරු මුහුණත් (BCI), සහ 6G සන්නිවේදන තාක්ෂණය වැනි—පේටන්ට් බලපත්‍ර විශේෂයෙන්ම ඉහළ ප්‍රමාණයක් දක්නට ලැබෙන බවද සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ට්‍රම්ප්ගෙන් නාවික හමුදාවට දැඩි නියෝග
Next
වෙසක්–පොසොන් දන්සැල් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත්වෙයි

More in World