WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ට්‍රම්ප්ගෙන් නාවික හමුදාවට දැඩි නියෝග

I
Ishanka Jayasuriya
April 23, 2026 · 1 min read
276 viewsf𝕏W
ට්‍රම්ප්ගෙන් නාවික හමුදාවට දැඩි නියෝග
හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ පුපුරණ ද්‍රව්‍ය තැබීමට උත්සාහ කරන ඕනෑම ඉරාන යාත්‍රාවකට ප්‍රහාර එල්ල කරන ලෙස තම නාවික හමුදාවට නියෝග කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු මේ බව සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යද වාර්තා කර තිබේ.
ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉරානය සතුව යුද නෞකා නොමැති බවත්, ඔවුන් සතුව තිබූ නෞකා 159ක් මුහුදුබත් කර ඇති බවත්ය.
මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධියේ තැන්පත් කර ඇති බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක වන බවද ඔහු පෙන්වා දෙයි.
එම මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තමන් නියෝග ලබාදුන් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට
Next
චීනය පේටන්ට් බලපත්‍ර මිලියන 5 ඉක්මවයි

More in World