WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

යෝෂිත රාජපක්ෂ නඩුව ජූනි 10 දක්වා කල්තැබේ

I
Ishanka Jayasuriya
April 24, 2026 · 1 min read
229 viewsf𝕏W
යෝෂිත රාජපක්ෂ නඩුව ජූනි 10 දක්වා කල්තැබේ
මුදල් ශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ නඩුව ජූනි 10 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුව අද (24) මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවූ අතර, රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම චෝදනාවලට සම්බන්ධ තවත් නඩුවක්ද මහාධිකරණ අංක 08 ඉදිරියේ ගොනු කර ඇති බවයි.
ඒ සඳහා සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට නියමිත බැවින්, මෙම නඩුවටද එවැනි සංශෝධනයක් සිදු කිරීමට සිදුවිය හැකි බව අධිකරණයට දැනුම් දී ඇත.
එම කටයුතු පිළිබඳ ප්‍රගතිය වාර්තා කිරීමට දිනයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම සලකා බලමින්, නඩුව ජූනි 10 දිනට කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.
අදාළ චෝදනාවන් අනුව, 2009 මාර්තු 31 සිට 2013 දෙසැම්බර් 12 දක්වා කාලය තුළ උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු තුනක ස්ථාවර තැන්පතු ලෙස තැබීම මගින් මුදල් ශුද්ධිකරණය කළ බවට චෝදනා කරමින් අධි චෝදනා තුනක් යටතේ නඩුව ගොනු කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඊශ්‍රායල–ලෙබනන් සටන් විරාමය සති 3කින් දීර්ඝයි
Next
සාම පා ගමනේ 3 වෙනි දිනය අද

More in Breaking News